037 22 24 776 / 037 22 21 119
037 22 24 776
info@wayabaroyal.lk
Home About School Identity
විකසිත මානෙල් මල් යායක් සේ
වයඹට හෙළයට මිණි කිරුලක් සේ
රාජකීය විදුහල් මාතා
දිනේ දිලේ සැමදා
දිවි දී දිරි දී දිනු දැය සුරකින
සුරු විරුකම් පිරි අභීත සුනිමල
සකල කලා විද්‍යා නැණ පෝෂිත
දූ දරුවන් තනවා//
විස්මිත සාහිත මහගත් බිහිකළ
ඉසුරු පුරාණය යළි යළි මතු කළ
දේශ ජන රංදිත කරවා
රුවන් ලොවක් තනවා//
සුදු අත් කොට කමිසය, සුදු දිග කලිසම හෝ සුදු කොට කලිසම නිල ඇදුම වේ.
කමීසයේ කොලරය ටයි පටියේ පළලට අනුව තිබිය යුතුයි.
කලිසමට හා කමිසයට ද්විතව මැහුම් යෙදිය නොහැක.
කලිසමේ ඉනට ලූප්ස් ඇල්ලීම නොකළ යුතුය.
කලිසමේ පිටුපස තිබිය හැක්කේ එක් සාක්කුවක් පමණි.
කලිසමේ කකුල (fold ) අවමය අගල් 15 1/2 කි.(මෙය උස අනුව හා මහත අනුව වැඩිවිය යුතු වේ).
කමිසයේ පාසල් නිල ලාංඡනය සහ කරෙහි ටයි පටිය හෝ බෝ එක අනිවාර්යයෙන්ම තිබිය යුතුය. නිල ලාංඡනය නිවැරදි ලෙසටම මසා තිබිය යුතුය.
කළු සපත්තු ලේස් සහිත, ඉදිරිපසින් උල් නොවූ හා ඉදිරියෙන් නමා නැති සපත්තු විය යුතුය.සුදු මේස් පැළඳිය යුතුය. (නැමීම නොකළ යුතුය)
කොණ්ඩය පැත්තෙන් බෙදා පීරිය හැකි පරිදි කොටට කැපිය යුතුය.කණ දෙපස කොණ්ඩය (side burns) කොටට කැපිය යුතු අතර එය කිසිදු ආකාරයකට මෝස්තරයක් නොවිය යුතුය.
ඇහිබැම ගැලවීම, කැපීම සහ පාට කිරීම සපුරා තහනම්ය.
කොණ්ඩය ඩයි කිරීමද තහනම් වේ.
නියපොතු ඉතා කොටටද , රැවුල නොපෙනෙන සේද කැපිය යුතුය.
සුදු ගවුම දණ ගැසූ විට බිම ගෑවෙන තෙක් උස තිබිය යුතුය.
කෙලින් සිට අත ඉහලට නැමූ විට වැලමිටේ අග ඉන ස්පර්ශ විය යුතුය.
ගවුමේ ඉන මැදිවන සේ ලූපස් ඇල්ලිය යුතුය.(ඉදිරියට 2යි, පිටුපසට 2යි, පැති දෙකට 2යි )
ගවුම් කර රවුම් විය යුතු අතර බෙල්ල මුල තෙක් තිබිය යුතුය.(වාටිය 1")
ගවුමේ පිටුපස ඉන දක්වා විවර කර බොත්තම් (සුදු) අල්ලා තිබිය යුතුයි.
ගවුමේ පාසල් නිල ලාංඡනය සහ ඉන පටියේ ගාංචුව තිබිය යුතුය.
දිග කොණ්ඩය දෙපැත්තට පීරා කණට පහලින් හිරවන සේ ගොතා අගින් නවා සුදු රිබන් ගැට ගැසිය යුතුය.
කොණ්ඩය කරල් දෙකක් ගැට ගසන්නේ නම් දෙපැත්තට පීරා කණ ලඟින් තදින් සුදු රිබන්වලින් ගැට ගැසිය යුතුය.කොණ්ඩය කපා ඇත්නම් පැත්තට පීරා සුදු හෙයාර් බෑන්ඩ් එක දැමිය යුතුය.කොණ්ඩයට කළු ක්‍රේල් කටු දෙකක් පමණක් ගැසිය හැකිය.
පාට පාට ගල් ඇල්ලු කරාබු පැළඳිය නොහැක.
සුදු ලේස් සපත්තු සහ අලවන සපත්තු දැමිය හැකිය.
ඇහිබැම ගැලවීම, අත් පා වල රෝම ඉවත්කිරීම, කොණ්ඩය ඩයි කිරීම හා ස්ට්‍රේට් කිරීම නොකල යුතුය.
පාසල් බෑගයට කිසිඳු අයුරකින් වෙනස්කම් සිදුනොකළ යුතුය.
අපල මුදු හෝ නූල් පැළඳීම, කවර වර්ගයේ හෝ නූල් අතේ ගැටගැසීම සම්පූර්ණයෙන්ම තහනම්ය.
Wayamba Royal College,
Katugasthota-Kurunegala-Puttalam Hwy,
Kurunegala.
037 22 24 776 / 037 22 21 119